සම්බුද්ධ ශාසනයේත්, බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඉතා පූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහොය දිනය සැළකේ. සැරියුත් - මුගලන් දෙනම සම්බුද්ධ ශාසනයේ අගසව් තනතුරු ලබන ලද්දේ නවම් පොහොය දිනකය. බුදු සසුනෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පොහොය දිනයේදීය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අත්හළේත් නවම් පුන් පොහොය දිනකය.
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීමත් බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතයත්, රජගහනුවර වේළුවනාරාමය කේන්ද්‍ර කර ගිනිමින් සිදුවිය. උරුවෙල, නදී, ගයා කාශ්යප යන තුන්බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂු පිරිස ද, අගසව් දෙනම ප්‍රමුඛ දෙසිය පනහක් භික්ෂූන් වහන්සේ ද යන එක්දහස් දෙසිය පනහක් රහතන් වහන්සේලාගෙන් බබළන වේළුවනය තුළදී සැරියුත් මුගලන් දෙනම වහන්සේලා දකුණත් සව් වමත් සව් වශයෙන් අග තනතුරු ලැබූ සේක.
සැරියුත් මුගලන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ඛාපාල චේතියට වැඩම කළහ. එහිදී ආනන්ද හිමියන්ගේ ප්රමාදයක් බලා සිටි මාරයා විත් බුදුරදුන්ට පිරිනිවන් පෑමට ආරාධනා කළේය. බුදුරජාණන් වහන්සේ තුන් මසකට පසුව පිරිණිවන්පානා බව මාරයාට වදාළ සේක.
මෙවන් උතුම් සිදුවීම් රාශියක් සිදු වූ පොහොය දිනයක් ලෙස නවම් පුන් පොහොය ශාසන ඉතිහාසයටත්, බෞද්ධ ජනතාවටත් ඉතා වැදගත් පොහොය දිනයක් වශයෙන් හැඳින්විය හැකිය.