Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

චීනයේ නව ක්ලෝනීය තාක්ෂණය පිළිබද විවිධ මත

අමෙරිකානු විද්‍යාඥයින් චීනය සිදු කළ විප්ලවීය වෙනස ඇගයීමට ලක්කර ඇත. ක්ලෝනීයකරණයෙන් වඳුරන් බිහි කිරීම නූතන විද්‍යාවේ තවත් ඉදිරි පියවරක් බව අමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ මොළය පිළිබද පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ ‍රොබට් ඩෙසිමෝන් මහතා සඳහන් කර සිටී. චීනය මුල් වරට ක්ලෝන තාක්ෂණයෙන් වඳුරන් දෙදෙනෙකු බිහි කිරීම රෝගවලට එරෙහිව සටන් කිරීමේ මූලික පියවරක් ලෙස ද හැදින්වේ.
චීනය ලැබු එම ජයග්‍රහනය, රෝග  පිළිබඳව ඉදිරි පර්යේෂණ හා ප්‍රතිකාර පිළිබදව තාක්ෂණික වශයෙන් ඉහළ මට්ටමකින් සිදු කිරීමට හේතු වනු ඇති. ක්ලෝනීය කරණයෙන් වඳුරන් දෙදෙනෙකු බිහි කිරීම වැදගත් පියවරක් වන්නේ, මිට පෙර අවස්ථා ගණනාවකදී බොහෝ විද්‍යාඥයින් ක්ලෝනීය කරණයෙන් වඳුරන් බිහි කිරීමට පර්යේෂණ සිදු කළ ද ඒවා සාර්ථක වූයේ නැත. සුනඛයින්, බළලන්, ඌරන්, අශ්වයින් හා මීයන් වැනි සත්වයින්ට වඩා ක්ලෝනීය තාක්ෂණයෙන් වඳුරන් බිහි කිරීම අතිශයින්ම අපහසු ක්‍රියාවලියකි.

මානවයා හා සමාන වඳුරෙකු සම්බන්ධයෙන් කළ මෙම නවතම සොයා ගැනීම මානව රෝග සදහා ප්‍රතිකාර වෙනුවෙන් ඉදිරි පර්යේෂණ වලට යෝග්‍ය තාක්ෂණික සොයා ගැනීමක් වේ. 1996 වසරේ ජුලි මාසයේ ස්කොට්ලන්තයේදී ක්ලෝනකරණයෙන් බැටළුවෙකු සාර්ථකව බිහි කිරීමට විද්‍යාඥයින් සමත්විය.