Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

කාබුල් ප්‍රහාරය ජගත් මහලේකම්වරයා හෙළා දකී

පුද්ගලයින් 95 දෙනෙකුට මරු කැඳවමින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා හෙළා දකියි. ජගත් මහලේකම්වරයා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශක Stephane Dujarric මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මානුෂීය නීතිය හා මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිවිල් වැසියන්ට එල්ල කරන මෙවැනි ප්‍රහාර කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවය.
මෙම ප්‍රහාරයට වගකිව යුතු පිරිස් අධිකරණය හමුවට පැමිණ විය යුතු බව ද ඔහු ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නුවරදී නිකුත් කළ නිවේදනයක සදහන් වේ. එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අප්‍රිකානු සංගම් සමුළුවට සහභාගී වීම සදහා ඇඩිස් අබාබා නුවරට පැමිණ සිටි.

පුද්ගලයින් 95 දෙනෙකුට පමණ මරු කැදවමින් හා 163 දෙනෙකුට තුවාල සිදුකරමින් සිදු කළ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම මේ වන විට තලේබාන් සංවිධානය බාරගෙන තිබේ.