Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

සුළු අපනයන ගම්මාන වැඩසටහන කඩිනම් කෙරේ

ඒ සඳහා පහසුකම් සපයමින් ගොවීන් දිරිගන්වන බව, කෘෂිකර්ම අපනයන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සහතික කළ බීජ, පැළ ආදී රෝපන මෙන්ම වාර්ෂිකව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා එක් ගොවියෙකුට රුපියල් 3000ක මුදලක් ද ලබා දේ. එමෙන්ම වගා කිරීම සඳහා උපදෙස් හා විද්‍යාත්මක දැනුම විදිමත්ව ලබාදීමේ වැඩ සටහනක් ද ඇරඹේ.
තේ, පොල්, ආදී ප්‍රධාන භෝග සමඟ ගම්මිරිස්, කරාඹු නැටි ආදී බෝග ආදිය වගා කරමින් භූමියෙන් උපරීම ප්‍රයෝජන ගැනීම සඳහා වැවිලි කරුවන් දිරිගැන්වීම අරමුණවේ.