Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දීර්ඝ කෙරේ

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දීර්ඝ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ එම කාලය ලබන පෙබරවාරි 02 වැනි දින දක්වා කල් දැමීමට තීරණය කර ඇති බවය. 2017- 2018 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජනවාරි 26 වනදා ලෙස මීට පෙර ප්‍රකාශ කර තිබිණ. අදාළ අයදුම්පත් අන්තර්ජාලය ඔසසේ යොමුකළ යුතුය. 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත.