පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අතිරේක දින 2ක් වෙන් කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සදහන් කර ඇත. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ලබන 1 වැනි දා සහ 2 වැනි දා ඒ වෙනුවෙන් වෙන් කර ඇති බවය. පසුගියදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එම අවස්ථාව හිමිවනු ඇති.
මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණ කටයුතු ආරම්භ වූ දෙසැම්බර් මස 9 වන දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 260 ක් වාර්තා වී ඇතැයි, පොලිස් මූලස්ථානය සදහන් කර සිටී. මෙම කාල සීමාව තුළ සිදුව ඇති මැතිවරණ නීති උල්ලංඝණය වීම් සංඛ්‍යාව 106 කි.