Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

යේමනයේ යළිත් ගැටුම්

යේමනයේ ඒඩ්න් වරාය නගරය ආශ්‍රිතව නැවතත් දරුණු ගැටුම් උද්ගත වේ. සෞදි සහාය ලබන යේමන් රජයට පක්ෂපාතී හමුදාව සහ ඒඩ්න් නගරයේ තාවකාලික පාලන කවුන්සිලයට පක්ෂපාතී මිත්‍ර හමුදාව අතර මෙම ගැටුම් හට ගෙන තිබේ. ඒ එහි තාවකාලික පාලන කවුන්සිලය සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතා රැළියක් තහනම් කර රජය පැනවූ නියෝගයත් සමඟය.
ඒඩ්න් නගර වැසියන් පැවසුවේ ආණ්ඩු විරෝධි රැළියකට ජනාධිපති ආරක්ෂක ඒකකයෙන් කළ වෙඩි තැතැබීමෙන් පුද්ගලයින් 15 ට වැඩි පිරිසක් තුවාල ලැබු බවයි.
පැය කිහිපයක් පුරා පැවැති ගැටුම් වලින් පසුව රජයේ හමුදා මධ්‍යස්ථානයක් ඒඩ්න් නගරයේ තාවකාලික පාලන කවුන්සිලයට පක්ෂපාතී මිත්‍ර හමුදාව අත්පත් කරගෙන තිබේ.