Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

විදේශ විනිමය ඉහළට

දෙසැම්බර් මස අවසන් වන විට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක විදේශ විනිමය මිලදී ගැනීම, හම්බන්තොට වරාය මෙහෙයුම කටයුතු පැවැරීම වෙනුවෙන් චීන සමාගමෙන් ලැබුණු ගෙවීම හා 2017 දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම්වල සිව්වන වාරිකය ලැබීම හේතුවෙන් ගෙවුම් ශේෂය තවදුරටත් ශක්තිමත් වීමට හා විදේශ විනිමය සංචිතය ඉහළ යාමට හේතු වූ බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා කියා සිටී.
මේ හේතුවෙන් 2015 හා 2016 යන වසර වලදී හිඟ මට්ටමක පැවති දළ නිල සංචිත ප්‍රමාණයෙහි අඩුවීමේ ප්‍රවණතාව වෙනස් වී තිබේ. එය 2017 වසර තුළ දී අතිරික්තයක් දක්වා වර්ධනය වී ඇති බව ද ආචාර්ය කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.