ඒ අනුව ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 වන දා සිට තහනම් කෙරේ. ඒ අනුව ජූලි මස 01 වැනි දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගීන් සඳහා වූ වායු බැලූන, අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති සහ ඉදිරිපස හා පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි තිබීම අනිවාර්ය වනු ඇති. 2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද වාහන නිෂ්පාදකයින්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමන ලදී.