Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂි නීතිපතිවරයා වෙත

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට ඉදිරිපත් වූ ලේඛන, සාක්ෂි සටහන් සහ භාණ්ඩ අද දිනය තුළ තමන් වෙත ලැබීමට නියමිත බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ මේ සඳහා සිව් පුද්ගල විශේෂ කමිටුවක් ද පත් කර ඇති බවය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක්, රජයේ ජේෂ්ඨ නීතිඥයෙකු සහ රජයේ නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් එම කමිටුව සමන්විත වේ.
අදාළ කටයුතු සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව සොයා බැලීමට පියවර ගන්නා බවද නීතිපතිවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ පරීක්ෂා කිරීම්වලින් පසු කමිටුව ලබා දෙන මූලික කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.