Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ත්‍රී රෝද රථ ලියාපදිංචිය වාර්ථාගත ලෙස පහළට

සියයට 50 කින් පමණ ලියාපදිංචිය සැළකිය යුතු ආකාරයෙන් පහත වැටී ඇති බව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. මෑතක ක්‍රියාත්මක කළ තීරණ කිහිපයක් නිසා මෙලෙස ලියාපදිංචිය පහත වැටී ඇති බව පැවසේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන අනුව, 2016 වර්ෂයේදී ත්‍රී රෝද රථ 56,945 ක් ලියාපදිංචි කර තිබේ.
2017 වර්ෂයේ ලියාපදිංචි කර ඇති සංඛ්‍යාව 22,172 කි. 2012 වර්ෂයේ 98,815 ක් ද 2013 වර්ෂයේ 83,673 ක් 2014 වර්ෂයේ 79,038 ක් සහ 2015 වර්ෂයේ 129,547 වේ. තත්ත්වය බෙහෙවින් වෙනස් වී 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වසරේ ත්‍රී රෝද රථ ලියාපදිංචිය සියයට 50 කින් පමණ අඩුවී ඇත.