Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුම් 3 ක්

ශ්‍රී ලංකා - ඉන්දුනීසියා රාජ්‍ය නායකයින් හමුවෙති. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, දුම්රිය කේෂ්ත්‍රයේ සංවර්ධන සහ අධ්‍යාපන කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව, එහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවසා ඇත.
ශ්‍රී ලංකාව තුළ දුම්රිය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ද සොයා බලන බව එහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආර්ථික සහයෝගීතාව වර්ධනය, පුද්ගල සහ ආයතනික ධාරිතා වර්ධනය සහ ඉන්දියානු ශාන්තිකර සහයෝගීතාව වර්ධනය කර ගැනීම යන කේෂ්ත්‍ර ඔස්සේ මෙම සාකච්ඡා පැවති බවයි.

මෙම නිල හමුවේදී අවබෝධතා ගිවිසුම් 03 කට ද අත්සන් තබා ඇත. උසස් අධ්‍යාපන, පර්යේෂණ හා තාක්ෂණික සහයෝගිතාව, මත්දව්‍ය ප්‍රවාහනය මැඩලීම සහ සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් යන කේෂ්ත්‍රයන් ද ඊට අයත්ය.