Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

වීසා නිකුත් කිරීම යාවත්කාලීන කෙරේ

මෙරට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වඩාත් ක්‍රමවත්ව හා යාවත්කාලීන කිරීමට රජය පියවර ගනී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම තීරණයට එළඹ තිබේ. ඒ අනුව සුදුසුකම්ලත් විදෙස් ජාතිකයන්ගේ ඉල්ලීම මත සංචාරක වීසා, නේවාසික වීසා හා අන්තර් වීසා හෙවත් ට්රාන්සිට් වීසා නිකුත් කෙරෙනු ඇත.
වර්තමානයේ පවතින වීසා වර්ග සහ ඒ සඳහා අය කරන ගාස්තු ද සංශෝධනය කිරීමට පියවර ගැනේ. මේ වන විට ශ්‍රී ලංකා රුපියල් වලින් අය කරන වීසා ගාස්තු ඇමෙරිකා ඩොලර් වලින් අය කිරීමටත් ඉදිරියේදී පියවර ගැනේ.