Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ශීත ඔලිම්පික් උළෙලට තව ඇත්තේ සති දෙකයි

මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත් වෙන්නේ දකුණු කොරියාවේ පියෙංන්චා (Pyeongchang) හී දීය. ලබන පෙබරවාරි මස 9 වැනි දින සිට 25 වැනි දින දක්වා එහි තරඟ පැවැත්වේ. මේ අතර ශීත ඍතු පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල මාර්තු මස 9 වැනි දින සිට 18 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. රටවල් 100 ක් පමණ නියෝජනයෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 50,000 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වේ.
පළමු ශීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වුණේ 1924 වර්ෂයේ ප්‍රංශයේ Chamonix දීය. ඒ සඳහා සහභාගී වූණේ රටවල් 16 ක ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 250 කට අධික සංඛ්‍යාවක් පමණි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගිම්හාන හා ශීත සෘතු වශයෙන් පැවැත්වේ. ගිම්හාන ක්‍රීඩා උළෙල පවත්වා වසර දෙකකින් පසුව ශීත සෘතු තරඟාවලිය පැවැත්විය යුතුය.

මෙවර සමාරම්භක හා අවසාන උත්සවය හෙයින්ග්ගී (Hoenggye) ඔලිම්පික් උද්‍යානයේදී පැවැත්වෙන අතර ඇල්පෙන්සියා ස්කී (Alpensia ski) නිවාඩු නිකේතනයන්හි තරඟ පැවැත්වේ.