Social Icons

facebookrss feedemailtwitter

Sunday, January 21, 2018

ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් බිලියන 7370

2017 වසරේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සම්බන්ධ රටවලට චීනය සිදු කළ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් බිලියන 7370කි. චීන රේගු පොදු පරිපාලනය නිකුත් කළ දත්තයන්ට අනුව එය පසුගිය වසරේ අගයට වඩා 17.8%කින් වර්ධනය වී තිබේ. මෙම අනුපාතය චීන විදේශ වෙළඳ සංවර්ධන වේගයට වඩා 3.6%ක ඉහළ අගයකි. 

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සම්බන්ධ රටවලට චීනය සිදු කළ ආනයනය හා අපනයන වටිනාකම චීන විදේශ වෙළඳ වටිනාකමෙන් සියයට 26.5ක් ගනී. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සම්බන්ධ රටවල් හා චීනය අතර රේගු ක්‍රියා සහයෝගතා සමස්ත ලෙස පුළුල් කිරීම, අධීක්ෂණ සේවාව යහපත් කිරීම, රේගු ක්‍රියා පටිපාටිය සරල කිරීම චීන රේගු දෙපාර්තමේන්තුවේ ඉදිරියේ කටයුතු බවට පත් වන බව චීන රේගු පොදු පරිපාලනයේ ප්‍රකාශක Huang Songping මහතා පැවසීය. 

ඉන් වෙළඳාමේ පහසු ක්‍රියාකාරී මට්ටම ඉහළ යන අතර විවෘත ආර්ථික සංවර්ධනයට තවදුරටත් දායකත්වය ලබා දෙන බව හෙතෙම කීවේය.