Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපය ඉදිකෙරේ

ශ්‍රී ලංකාවේ පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ. සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය. මෙම කර්මාන්ත කලාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ඖෂධ මිලදී ගනී.
මැලේසියානු සමාගමක් සහ B.P.C. හෙල්ත් කෙයා ආයතනය මෙම කර්මාන්ත කලාපය තුළ ඖෂධ නිෂ්පාදන කිරීමට ගිවිසුම් අත්සන් කරන ලදී. B.P.C. හෙල්ත් කෙයා ආයතනය ඉවත ලන රුධිර ප්ලාස්මා භාවිත කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

එම ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 10 කි.