Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට දෙන ලද ප්‍රතිඥාව ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය තවමත් අසමත්ව ඇති බව එක්සත් ජාතීනගේ මානව හිමිකම් සංවිධානය සඳහන් කරයි. ජිනීවා නගරයේදී 29 වැනි දින වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
“සාක්ෂි විරහිතව සිරගත කර තැබීම්, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිදු කෙරෙන අපචාර” යන තේමාව යටතේ හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කර ඇති මෙම වාර්තාව පිටු 46 කින් සමන්විත වේ. එහි ආසියාව භාර අධ්‍යක්ෂ බ්රැඩ් ඇඩම්ස් සඳහන් කළේ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් විවිධ වධහිංසා සිදු කිරීම, ලිංගික අපචාර, බලහත්කාරයෙන් කට උත්තර ගැනීම් සිදු වන බව පැවසේ. මෙය මානුෂීය විරෝධී බව සඳහන් කරන ඔවුන් පනත අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ද එක්සත් ජාතීනගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටී.