Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

අමෙරිකාවේ සාම සැළසුම සිරියානු රජය ප්‍රතික්ෂේප කෙරේ

අමෙරිකාව සමග රටවල් 5 ක් ඉදිරිපත් කළ සිරියානු ගැටළුව විසදීමේ සැළසුම සිරියානු රජය ප්‍රතික්ෂේප කර තිබේ. ඔස්ට්‍රියාවේ වියානාහි පැවති සිරියානු ගැටලුව පිළිබඳ නව සංවාදයේදී සිරියානු රාජ්‍ය නියෝජිත කණ්ඩායමේ නායක, එක්සත් ජාතින්ගේ ස්ථාවර නියෝජිත Bashar al - Jaafari මහතා අමෙරිකාව ඉදිරිපත් කළ සැළැස්ම ප්‍රතික්ෂේප කර ඇත. මීට පෙර අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සෞදි අරාබිය සහ ජෝර්දානය එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයාගේ විශේෂ දූතයෙක් වෙත ලියවිල්ලක් ඉදිරිපත් කර තිබිණ. සිරියාවේ දේශපාලන ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කරමින් විවෘත හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ විස්තරාත්මක සැළස්මක් මෙවර සංවාදයට ඉදිරිපත් කරන බව සදහන් කරමිනි. සිරියානු රජය හා ජනතාව එම ලියවිල්ල කිසිසේත්ම පිළි නොගන්නා බව Bashar al-Jaafari මහතා නිවේදනයක් නිකුත් කරමින් පසුව සදහන් කර ඇත. නමුත් ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ රුසියාව, තූර්කිය සහ ඉරානය ඉදිරිපත් කළ සිරියානු ජාතික සංවාදයට සහභාගි වීමට සිරියානු රජය එකඟ ව ඇති බවය. සිරියානු Kurd ජාතිකයින්ගේ නියෝජිතවරුන් 29 වැනි දින සහ 30 වැනි දින රුසියාවේ සෝචීහිදී ඒ පිළිබද සංවාදයට එක්වූ බව, රුසියානු විදේශ අමාත්‍යාංශය සදහන් කර ඇත.