Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

අමෙරිකානු ජනාධිපති ලෝක ආර්ථික සමුළුව අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් (26) ඩාවොස් ලෝක ආර්ථික සංසදයේ දී දේශනයක් කරමින් අමෙරිකානු අභ්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳව විස්තර කර අමෙරිකාවේ ආයෝජනය කරන ලෙස ඉල්ලීමක් කළේය. නිදහස් හා විවෘත වෙළඳාම අමෙරිකාව අනුබල දෙන බවත් එම වෙළෙඳාම සාධාරණ හා අනෝන්‍ය යහපත සදහා වන බවත්, හෙතෙම එහිදී සඳහන් කළේ ය.
අමෙරිකාවේ හිටපු ජනාධිපති William Jefferson Clinton ට පසුව, ගෙවී ගිය වසර 18 තුළ ඩාවොස් ලෝක ආර්ථික සංසදයට එක් වු පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍ර්ම්ප්ය.