පුද්ගලයින් 15,447ට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වනවිට කුවේට්හි නීති විරෝධීව රැඳී සිටින බව, විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සදහන් කළේ වීසා නීති උල්ලංඝණය කරමින් එලෙස කුවේටයේ රැඳී සිටින පුද්ගලයින් වෙනුවෙන් කුවේට් රජය පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවය.
ලබන 29 වැනි දින සිට පෙබරවාරි 22 වැනි දින දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක බව, කුවේට්හී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මෙම පොදු සමා කාලය යටතේ නීත්‍යානුකූලව වීසා නොමැතිව කුවේට්හී වෙසෙන විදේශීකයින්ට නියමිත කාලය තුළ අදාළ දඩ මුදල් ගෙවීමකින් තොරව හා අදාළ ආයතනවල විශේෂ අවසරයක් ලබා ගැනීමෙන් තොරව එරටින් පිටවිය හැකිය.
මෙසේ පිටවන අයට වෙනත් නීතිමය බාධා නොමැති නම් නීත්‍යානුකූල අයුරින් නැවත කුවේට් රාජ්‍යයට පැමිණීමට ද අවසර ලැබෙනු ඇති. මෙම සමා කාලය තුළදී තමන් විසින් ගෙවීමට ඇති අදාළ සියලු දඩ මුදල් ගෙවා, වලංගු වීසා බලපත්රයක් ලබාගෙන තව දුරටත් කුවේට්හි රැඳී සිටීමට ද අවසර ලැබේ.