Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

වෙනිසියුලානු ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර

අප්‍රේල් මාසය අවසන් වීමට පෙර එරට ජනාධිපතිවරණය පැවැත්වීමට වෙනිසියුලාව සූදානම් වේ. තවත් වසර 06 ක් සඳහා බලය ලබා ගැනීමට තමා සූදානම් බව, එරට ජනාධිපති “නිකොලස් මදුරෝ” සිය ආධාරකරුවන් සහභාගි වූ රැස්වීමකදී සඳහන් කර තිබේ. එය නිවැරදි තීරණයක් වන අතර අධිරාජ්‍යවාදය හා දක්ෂිණාංශික පක්ෂ විසින් රටේ ආර්ථිකය පහළ දමන්නට සූදානම් වන අවස්ථාවක ඉතා වැදගත් කාරණයක් වන බව ද මදුරෝ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එරට විපක්ෂය මේ වනවිට දුර්වලවී හා බෙදී සිටින අතර ජනපතිවරයාට තර්ජනයක් විය හැකි පිරිස මේ වනවිට රටින් පැනගොස් හෝ සිර අඩස්සියේ සිටින බව ද සඳහන්.