Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

නව චීන තානාපති හා කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති චංග් ක්ෂූවේයුවාන් (Cheng Xueyuan) මහතා කතානායක කරු ජයසුරිය මහතා හමු වේ. මෙම හමුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සිදුවිය. සමීප මිතුරෙකු ලෙස චීනය දිගුකලක් පුරා ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබදව එහිදී කතානායකවරයා සිය පැසසුම් එක් කළේය.
ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව තානාපතිවරයාට හැකි වනු ඇතැයි, විශ්වාසය පළ කරමින් කතානායකවරයා ඔහුට සුභපැතුම් පිරිනැමීය.