Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

දුම්රිය සේවාව විධිමත් සහ කාර්යක්ෂමව කිරීමට GPRS

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එහි නිලධාරින් පිරිසක් විසින් මේ දිනවල ජි.පී.ආර්.එස් තාක්ෂණය දුම්රිය සේවාව සඳහා හදුන්වාදීම සම්බන්ධයෙන් වූ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබේ. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ දුම්රිය කාලසටහන් සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම නව තාක්ෂණය හදුන්වාදීමේ මූලික අරමුණ වී තිබේ. දැනටමත් ක්‍රියාත්මක සුඛෝපබෝගී දුම්රිය සේවාවන් සදහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට හැකියාව පවතින අතර නව තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ අනෙකුත් දුම්රිය සේවා සඳහා ද අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට හැකිය.