Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණයේ වර්ධනයක්

2017 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ඇත. එම සංඛ්‍යාව 2,116,407 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී. මෙය 2016 වර්ෂයේ වාර්තා වූ 2,050,832 ක සංචාරකයින් ප්‍රමාණයට වඩා සියයට 3.2 ක ඉහළ යාමකි.
කෙසේ වෙතත් 2017 වසර ආරම්භයේ දී මිලියන 2.5 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කළ ද අදාළ ඉලක්කය සපුරා ගැනීමට සංචාරකයින් 383,593 ක හිඟයක් ඇතිව තිබේ. මූලික වශයෙන් 2017 වසර මුල් හා මැද භාගයේ දී වාර්තා වූ ගංවතුර හා නායයෑම් සිදුවීම් වැනි ස්වභාවික ආපදා තත්ත්වයන් මීට බලපෑ බව සදහ.

එමෙන්ම වසරේ දෙවන භාගයේ දී දක්නට ලැබුණු ඩෙංගු අධි වසංගත තත්ත්වය ද සංචාරකයින් අඩුවීමට හේතුවිය. මේ අතර ඉන්දියාවෙන් පැමිණි 384,628 ක සංචාරකයින් සංඛ්‍යාව තනි රටකින් ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම ප්‍රමාණය වේ.එය 2016 වසරට වඩා සියයට 7.8 ක ඉහළ යාමකි. මේ අතර 2017 වසරේ දී පැමිණ ඇති චීන සංචාරකයින් ගණන 268,952 කි.