Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

මූල්‍ය විශුද්ධිකරණ අවදානම ඉහළ රටවල් අතරට ලංකාවත්

ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණ අවදානම ඉහළ රටක් ලෙස අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය විසින් නම් කර ඇත. දේශසීමා හරහා සිදුවන මූල්‍ය විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්තවාදී මූල්‍ය කටයුතු වලින් ජාත්‍යාන්තර මූල්‍ය පද්ධතියට එල්ලවන තර්ජන පිටු දැකීම එම සංවිධානයේ අරමුණවේ. එමගින් සිදුකරන නිරීක්ෂණයන් අනුව වාර්ෂිකව නිර්දේශ ඉදිරිපත් කෙරේ.
මෙවර එහි මූල්‍ය විශුද්ධිකරන අවදානම වැඩි රටවල් අතරට ශ්‍රී ලංකාව සමග උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරාකය සහ සිරියාව ආදී රටවල් ද නම් කර ඇත. අන්තර් රාජ්‍ය මූල්‍ය කාර්ය සාධක බලකාය සමග එක්ව කටයුතු කිරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණයහ.

ඒ මූල්‍ය විශුද්ධිකරණ සහ ත්‍රස්ත මූල්‍ය කටයුතු වැළැක්වීම සඳහා එහි තාක්ෂණික සහය ද ලබාගැනීමේ අරමුණෙන්ය. අන්තර් රාජ්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ 40 ක් මේ වසර අවසන් වන විට ක්‍රියාවට නැංවීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය සැළසුම් කර ඇත.