Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද පළමු ටෙස්ට් ගැටුමට

තුන්කොන් එක්දින තරගාවලියේ ජයග්‍රහණයේ උද්යෝගයෙන් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම 31 වැනි දින චිතගොං නුවරදී සත්කාරක බංග්ලාදේශ පිල සමඟ පළමු ටෙස්ට් තරගයට සහභාගී වේ. පසුගිය වසර පුරාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැඩි පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා පිල තුන්කොන් තරඟාවලියේ ජයග්‍රහණයත් සමඟ නව වසරේදී සහභාගි වන පළමු ටෙස්ට් තරගය මෙය වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උපනායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොශේන් සිල්වා, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ, ළහිරු කුමාර. බංග්ලාදේශ කණ්ඩායම - මහ්මදුල්ලා (නායක), ටමීම් ඉක්බාල්. ලිටොන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, ඉම්රුල් කයිස්, මොමිනුල් හක්, මොසාඩික් හොසේන්, ටයිජුල් ඉස්ලාම්, මුස්ටාෆිසුර් රහ්මාන්, කම්රුල් ඉස්ලාම්, මෙහෙඩි හසන්, රුබෙල් හොසේන්, නයිම් හසන්, සුන්සාමුල් ඉස්ලාම්, ටන්බීර් හයිදර්, අබ්දුර් රසාක්.