Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

කොළඹ වරාය නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක්

විදේශීය ආයෝජකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ ඉදිරි අපේක්ෂාව වී ඇත. ඒ අනුව, කොළඹ වරාය නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයෙන් තට්ටු 60 ගොඩණැගිලි 3 ක් ඉදිකිරීමට යෝජනා වේ. ඊට අදාළ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම ලගදීම අත්සන් කිරීමට නියමිතය. කොළඹ වරාය නගරයේ මූලික ඉදිකිරීම් මේ වන විට 60% කින් අවසන්වී තිබේ.
මුහුද ගොඩකර ඉදිකෙරෙන කොළඹ වරාය නගර භූමිය හෙක්ටාර 269 ක් පමණය. මෙම වරාය නගරයේ ඉදිකිරීමට යෝජිත තට්ටු 60 කින් යුත් කුළුනු තුන ඉදිකිරීමට අදාළ නව නීති සම්පාදනය ඉදිරි මාර්තු මාසයේදී සිදුකිරීමට නියමිතවේ. එහි පරිසර අධ්‍යනය මැයි මාසයේදී සිදුකිරීමට නියමිතය.