Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

ඉන්දීයාවේ නව විදේශ ලේකම් ශ්‍රී ලංකාව සමඟ සබඳතා තර කිරීමට සූදානම්

ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා වැඩි දියුණු කිරීමට තමන් බලාපොරොත්තු වන බව, නව ඉන්දීය විදේශ ලේකම් විජය කෂාව් ගෝඛාලේ මහතා සදහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. චීනයේ සහ නැගෙනහිර ආසියාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා ඉන්දියාවේ විදේශ ලේකම් ලෙස 31 වැනි දින සිට කටයුතු කරනු ලැබේ.

ඒ අනුව ඉදිරි දෙවසර සඳහා ඔහු එම ධූරයේ ක්‍රියා කරනු ඇති. 1981 වසරේ සිට ඉන්දියානු විදේශ සේවයේ නිලධාරියෙකු ලෙස ගෝඛාලේ මහතා කටයුතු කරනු ලැබේ. මේ මස මුලදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසින් විදේශ ලේකම්වරයා ලෙස විජය කෂාව් ගෝඛාලේ මහතා පත් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබේ.