Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

2018 පළමු චන්ද්‍ර ග්‍රහණය

“සුපිරි නීල සඳක්” සහ “පූර්ණ ලෝහිත චන්ද්‍ර ග්‍රහණයක්” එකවර දැකගැනීමේ අවස්ථාව 31 දාට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසා ඇත. මීට පෙර මෙවැන්නක් සිදුව ඇත්තේ 1866 වසරේදීය. මෙම අවස්ථාව උදාවන්නේ වසර 152 කට පසුවය.
පසුගිය ජනවාරි 1 වැනිදා ද පූර්ණ චන්ද්‍රයා දර්ශණය විය. නැවත 31 වැනි දින යළිත් පූර්ණ චන්ද්‍රයෙකු දිස්වීම “සුපිරි නීල සඳක්” දර්ශනය වීම යන අර්ථයෙන් හැඳින්වේ. එමෙන්ම මෙම පොහෝ දිනයේ දී චන්ද්‍රයා වෙනත් පොහෝ දිනවලට වඩා සියයට 14 ක විශාලවයකින් සහ සියයට 30 ක දීප්තියකින් දිස්වන නිසා එය “සුපිරි සඳක්” ලෙස හඳුන්වනු ලැබේ.

පළමු චන්ද්‍ර ග්‍රහණය පස්වරු 4.21ට පමණ සිදුවන බව පැවසේ. නිරීක්ෂණයට හොඳම වෙලාව පස්වරු 6.15 සිට රාත්‍රී 8.41 දක්වාය. සුපිරි සඳක් ඇතිවන අවස්ථාවේ චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර 50,000 ක් පමණ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අතර, එම නිසා මුහුදේ වඩදිය මට්ටමේ සුළු වැඩිවීමක් පමණක් ඇතිවිය හැකි බව පැවසේ.