Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 දී 5% ක වර්ධනයක් - ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 දී 5% කින් වේගවත් වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. 2018 දී 6.9% ක වර්ධනයක් දකුණු ආසියාව අත්කර ගන්නා බව, ලෝක බැංකුව සඳහන් කර ඇත. ඒ අනුව පරිභෝජනය ශක්තිමත්ව පවතින අතර දකුණු ආසියාව සිදු කරන අපනයන් යථා තත්ත්වයට පත්වී ආයෝජන අවස්ථා ද යහපත් ලෙස පවතින බව, සිය නවතම අනාවැකියෙන් ලෝක බැංකුව පෙන්වා දී ඇත.
2018 - 2019 මූල්‍ය වර්ෂයේ දී ඉන්දියාව 7.3%ක වර්ධනයක් ලබාගනු ඇති අතර 2019 - 2020 වර්ෂයේ දී එය 7.5%ක වර්ධනයක් වනු ඇති. භාණ්ඩ හා සේවා බදු ක්‍රමය නිසා පෞද්ගලික අංශයේ ද ආයෝජන අවස්ථා ඉහළ යනු ඇති.

අනෙකුත් කලාප තුළ 2018 වසරේ දී 5.8% ක වර්ධනයක් ද 2019 වසරේ දී එය 5.9% ක වර්ධනයක් ද අපේක්ෂා කෙරේ.