Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

පෞද්ගලික රෝහල් නියාමනය පෙබරවාරි 01 සිට

පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ජාත්‍යාන්තර ආයතනයක් මගින් දිවයින පුරා සියළුම පෞද්ගලික රෝහල්වල සිදු කරන සේවාවන් සඳහා අය කරනු ලබන මිල ගණන් එකතු කර වාර්තාවක් සකස් කර ඇත. එම වාර්තාව අධ්‍යයනය කර රෝහල් නියාමනය කෙරෙන බව, අමාත්‍යවරයා පවසයි. අධික මිල ගණන් යටතේ ඇති ඖෂධවල මිල අඩු කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.