Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

ග්‍රාමීය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන බහුකාර්ය ව්‍යාපෘති සඳහා සහය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර 30 වැනි දින හමුවක දී මේ බව අනාවරණය විය. ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරටට ලබාදෙන අධාර සහ එමඟින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද විශේෂ අවධානයට ලක්විය.
මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන වයඹ ඇල සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමි වේ. ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම සඳහා වාරිමාර්ග කේෂ්ත්‍රරයේපුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක වේ. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දෙන සහය ඉදිරියටත් හිමිවන බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර සිටී.

දිළිඳුකමින් පීඩා විඳින උතුරු නැඟෙනහිර ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති කිහිපයක් ඉදිරීයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සහයෙන් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කර ඇත. දේශීය කර්මාන්ත වර්ධනයෙන් අපනයන හැකියාව ඉහළ නැංවීම රටේ ඉදිරි අපේක්ෂාව ය.