Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

ඊ – පළාත් පාලන වැඩසටහන

ඊ – පළාත් පාලන වැඩසටහන අද (29) ආරම්භ වෙයි. මෙම වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන වෙත කරනු ලබන සියලුම ගෙවීම් අන්තර්ජාල විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීම සහ සියලුම මහජන සේවාවන් අන්තර්ජාලය මගින් සිදු කිරීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

පළාත් පාලන ආයතන වෙත මහජනතාව විසින් කරනු ලබන ගෙවීම් හා බලපත්‍ර ලබා ගැනීමේදී සිදුවන අක්‍රමිකතා අවම කර පළාත් පාලන ආයතනවල සියලුම කාර්යන් වඩාත් විනිවිද භාවයකින් යුතුව කාර්යක්ෂමව හා ඵලදායිව සිදු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය හා විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම ඊ- පළාත් පාලන පද්ධතිය ශ්‍රී ලංකාවේ සියලු ම පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙහි පළමු අදියර පළාත් පාලන ආයතන 30ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි.