Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

පෙබරවාරි 21 සිට 25 දක්වා මසුන් මැරීම තහනම්

ධීවරයින්ට කච්චතිව් හා ඒ අවට මුහුදේ මසුන් මැරීමේ කටයුතු පෙබරවාරි මස 21 දා සිට 25 දා දක්වා ඉන්දීය නාවික හමුදාව විසින් තහනම් කර ඇත. ඒ යාපනයේ කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පෙබරවාරි මස 23 හා 24 යන දිනවලදී පැවැත්වෙන නිසාය.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් දූපතක් බැවින් වන්දනාකරුවන්ට ආරක්ෂාව සැපයිය යුත්තේ ශ්‍රී ලංකාවෙනි. ඉන්දීය වැසියන්ට වීසා නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ ලැබෙන එකම අවස්ථාව මෙම කච්චතිව් වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දින දෙක පමණි.