Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

අගමැති අද සිංගප්පූරුව බලා පිටත්ව යයි

සිංගප්පූරුවේ පැවැත්වෙන 06 වන “ජගත් පුරවර” සමුළුව ඇතුළු සමුළු කිහිපයකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

හෙට (09) පැවැත්වෙන “ජගත් පුරවර සමුළුවේ” ආරම්භක සැසියෙහි “ නාගරික සංවර්ධනය හා පරිසරය සුරකිමු” යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

සංචාරය අතර තුර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද සමඟ  සාකච්ඡා කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ (07) බිබිල පොතුබන්ධන රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළේ ගම්පෙරළිය වැඩසටහන යටතේ ගමේ යටිතල පහසුකම් වර්ධනයට සහ ග්‍රාමීය ව්‍යවසායකයින් දිරිමත් කිරීමට පියවර ගන්නා බවයි.