Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

ගුහාවේ සිරවුණු පොඞ්ඩෙක් උපන් දිනය සමරලා

තායිලන්ත ලෙන් පද්ධතියේ සිරවුණු යොවුන් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාගෙන් එක් දරුවකු පසුගිය 3 වැනිදා අඳුරු ලෙන තුළ සිට සිය 14 වැනි උපන් දිනය සමරා ඇති බව පැවසේ.

14 වැනි උපන් දිනය සැමරුවේ පා පන්දු කණ්ඩායමේ ‘ඩොම්’ යනුවෙන් කවුරුත් ආදරයෙන් අමතන පොඞ්ඩා ය. ඔහුගේ මව සහ පියා ලෙන පිටත රැඳී සිටින අතර, මව පවසා ඇත්තේ තම පුතා බොහොම නිර්භීත අයකු බවය.


මේ අතර, තමන් යහතින් සිටින බවත් දුක්වෙන්න එපා යනුවෙනුත් දන්වමින්, දරුවන් 12 දෙනා ලිපි ලියමින්, කිමිදුම්කරුවන් අතේ ඒවා ඔවුන්ගේ මාපියන් වෙත එවා ඇති බව ද වාර්තා වේ.