Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 23, 2018

ඉතිහාසයේ වැඩිම සංවර්ධන ව්‍යාපෘති වත්මන් ආණ්ඩුවෙන්

රටේ ග්‍රාමීය ප්‍රදේශ නගා සිටුවීම සඳහා රජය සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයකට අධික ප්‍රමාණයක් ක්‍රියාවට නංවා ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉතිහාසයේ කිසිදු යුගයක කෙටි කාලයක් තුළ මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයක් සිදුකර නොමැති බව හෙතෙම පෙන්වා දේ. වර්තමානයේ ඇති වී තිබෙන ගෝලීය මෙන්ම දේශීය ආර්ථික ප්‍රශ්න හමුවේ පළමුව ගම ආරක්ෂා කළ යුතුයි. වර්තමාන  සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම හා එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීම රාජ්‍ය සේවයට එක්වන සියල්ලගේම වගකීමක් බව අගමැතිවරයා අවධාරණය කළේ, අරලියගහ මන්දිරයේ පැවති නව ග්‍රාම සේවා නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.