Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 23, 2018

“අන්තර් මධ්‍යම මිසයිල” ගිවිසුමෙන් ඉවත්වීමට ඇමරිකාව ගත් තීරණයට රුසියාවේ දැඩි විරෝධය

ඇමරිකාව අන්තර් මධ්‍යම මිසයිල ගිවිසුමෙන් ඉවත්වීම පිළිබඳ රුසියාව ප්‍රතිචාර දක්වයි.

“අන්තර් මධ්‍යම මිසයිල” ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීමට ගත් තීරණයට රුසියාව විරෝධය දක්වමින් කියා සිටින්නේ, ඉන් ඉවත්වීමෙන් පසු ඇමරිකාවට නිදහසේ සිය යුද ශක්තිය නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බවයි. එම නිසා මෙහි පවතින ප්‍රායෝගික තත්වය පිළිබඳව විමසා බැලිය යුතු බව, රුසියානු පාර්ලිමේන්තුවේ උත්තර මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති කොන්ස්ටන්ටින් කොස්චේව් මහතා රුසියානු ජාතික රූපවාහිනියට අදහස් දක්වමින් පවසා ඇත. පසුගිය සෙනසුරාදා දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වසර 1987 දී රුසියාව සමඟ ඇති කරගත් අන්තර් මධ්‍යම මිසයිල සහ කෙටි දුර මිසයිල තුරන් කිරීමේ ගිවිසුමෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.