Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 23, 2018

එබෝලා වෛරසයෙන් මිය යන සංඛ්‍යාව ඉහළට

කොංගෝ රාජ්‍යයේ එබෝලා වෛරසය ශරීරගත වූ රෝගීන් ගණන 200 දක්වා ඉහළ යයි. එම රෝගීන් අතරින් පුද්ගලයින් 117 දෙනෙක් මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේය.

සන්නද්ධ ගැටම් උග්‍ර වීම සහ ඇතැම් ප්‍රාදේශීය වැසියන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම යනාදී හේතු නිසා මෙවර එබෝලා වසංගතය අසල්වැසි රාජ්‍යයන්ට ද පැතිර යාමේ ඉහළ අවදානමක් පවතී. එහෙත් එය තවමත් ලෝකයේම අවධානයට ලක් වන පොදු සෞඛ්‍ය කාරණාවක් බවට පත්ව නොමැති බව වාර්තා වේ. පසුගිය අගෝස්තු මාසයේ දී කොංගෝ රාජ්‍යයේ එබෝලා වෛරසය නැවතත් වසංගත තත්වයක් වශයෙන් පැතිර යාම ආරම්භ විය. 1976 වර්ෂයේදී එරට ප්‍රථම වතාවට එබෝලා වෛරසය සොයා ගැනීමෙන් පසු ඇති වූ 10 වැනි වසංගත තත්වය මෙය ලෙස සැළකේ.