Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 23, 2018

ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා ගබඩා පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයටත් අවසර

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන LCL Cargo හෙවත්, බහලුම් ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට පහසු වන පරිදි ගබඩා පහසුකම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයට ද අවසර ලබා දීමට රජය තීරණය කරයි.


ඔක්තෝබර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන මෙම නව රෙගුලාසි අනුව ආනයනික භාණ්ඩ නිෂ්කාශනය පමණක් නොව අපනයන කටයුතු මෙන්ම ප්‍රති අපනයනය ද මෙම ගබඩා පහසුකම් හරහා ක්‍රියාත්මක කළ හැකිවේ. ඒ අනුව ජාත්‍යන්තර වරාය හා ගුවන්තොටුපල සිට සාධාරණ දුර ප්‍රමාණයක් තුළ මෙන්ම භාණ්ඩ නිෂ්කාශනය කරන්නන් හට පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක මෙම ගබඩා පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගත හැකි වේ.