Social Icons

facebookrss feedemailtwitter

Friday, March 23, 2018

අන්තවාදී අදහස් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම‍ට ඉඩදිය නොහැක - ජගත් මහලේකම්

අන්තවාදී අදහස් සමාජයේ සාමාන්‍ය තත්ත්වයට පත්කර නීත්‍යනුකූල බවක් ලබා දීමට ඉඩදිය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා පවසයි.

ඊ‍ට ලබාදිය හැකි පිළිතුර උපදේශනය සහ ඉවසීම ප්‍රගුණ කරමින් විවිධත්වයට ගරු කිරීම බවද වාර්ගික වෙනස්කම් පිටු දැකීමේ ජාත්‍යන්තර දින උත්සවය අමතමින් මහලේකම්වරයා සඳහන් කළේය. 1960 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවති සාමකාමී උද්ඝෝෂණයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 69 දෙනෙකු මියයාම සිහිපත් කිරීම වෙනුවෙන් මෙම දිනය නම් කර ති‍බේ. ලිංගික අසමානතා සැලකීම තවමත් පවතින ගැටළුවක් බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සඳහන් කළේය. කාන්තාවන් හා ගැහැනු ළමුන් දිනපතා අනාරකෂිත තත්ත්වයන්ට මුහුණ දෙන බවද හෙතෙම පැවසීය.