Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

ඇමෙරිකාවේ ප්‍රචණ්ඩත්වය තවත් ඉහළට

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේදී තවත් පාර්සල බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. එම පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත්වී නොමැති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් තුළ රැදී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



මීට පෙර සිදුවූ පිපිරීම් පිළිබඳ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට ලබාදෙන ත්‍යාග මුදල ඉහල නංවන බවට ප්‍රකාශයට පත් කර පැයකට පමණ පසු තව පිපිරීම සිදුවීම විශේෂත්වයක් වෙයි. මීට පෙර නිවාසවල දොරටු අසල තිබූ පාර්සල් බෝම්බ 03 ක් පුපුරා යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.