Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

සාමාජ ජාල මාධ්‍ය අවහිරය සිකුරාදා ඉවතට

ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා දින ඉවත් කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පැය 72 ක කාලයක් සඳහා මෙම සමාජ ජාල අවහිර කරන බවට රජය පැවසුවද මේ වන විට එය සිදු කර දින 6 ක කාලයක් ගතවී තිබේ.

අදාළ අවහිරතාව ඉවත් කිරීමට පෙර ඒ සඳහා වන විමර්ශනයකට අදාලව ෆේස්බුක් සමාගමේ නිලධාරීන් පිරිසක් සිකුරාදා දින දිවයිනට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා සදහන් කර ඇත. ඒ අනුව ඔවුන් සමග පැවැත්වෙන සාකච්ඡා වලින් අනතුරුව කිසියම් එකඟතාවයකට පැමිණිමෙන් පසුව සිකුරාදා වන විට මෙය යථා තත්ත්වයට පත් කළ හැකි බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.