Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

ශ්‍රී ලංකාවේ ධීවර පවුල් පිළිබඳ සංගණනයක් සිදු කිරීමට පියවර

ධීවර පවුල් පිළිබඳ සංගණනයක් සිදු කිරිමට ධීවර අමාත්‍යංශය තීරණය කරයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ධීවර දෙපාර්තමේන්තුවට මීට අදාළ උපදෙස් ලබාදී ඇති බව ධීවර අමාත්‍යංශය සදහන් කරයි. මීට පෙර මෙරට තුළ ධීවර සංගණනයක් සිදු කර ඇත්තේ 1976 වසරේදී ය.


ඒ අනුව වසර 41කට පසුව මෙම වසරේදී ධීවර සංගණනය සිදු කිරිමට තීරණය කර තිබේ. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ධීවර අමාත්‍යංශය විසින් මෙම සංගණනය සිදු කිරිමට නියමිතය. ඒ අනුව මෙරට තුළ ජිවත් වන ධීවර පවුල් සංඛ්‍යාව කොපමණ ද එම පවුල්වල අධ්‍යාපන හදාරන වයසේ ළමුන් සහ වෘත්තිමය ගැටළු පිළිබඳව මෙම සංගණනයේදී විශේෂ අවධානයක් යොමු කෙරේ.