Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජපාන ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ටෝකියෝ නුවරදී පැවැත්වේ

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ටෝකියෝ නුවරදී 13 වැනි දින ආරම්භ විය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළඳ අවස්ථා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම සමුළුව පැවති බව සඳහන්.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ජපාන පාර්ලිමේන්තු, ආර්ථික, වෙළඳ හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුසි ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියහ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට රජු වන අකිහිතෝ අධිරාජ්‍යයා ද හමු විය. ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරයේදී මෙම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.