Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

කච්චතිව් දුපත හා ඒ අවට නාවික හමුදාව සිතියම් ගත කරයි

කච්චතීව් දුපතේ වට ප්‍රමාණය හා ඒ  අවට මුහුදු සීමාවේ ගැඹුර ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක  විද්‍යා අංශය මගින් පළමු වරට සිතියම් ගත කරයි. එය පසුගියදා එළි දැක්වීය. 

නාවික හමුදාව විසින් මේ වන විට පරිහරණය කරනුයේ  ඉංග්‍රීසී පාලන සමයේ ඔවුන් විසින්  සකස් කරන ලද සිතියම් බවත්  එම සිතියම් වල  දැනට මුහුදු පතුල හා  සාගර කලාප වල යම් යම් වෙනස් කම් ඇති බවද නාවික හමුදාව සදහන් කර තිබේ. කුඩා යාත්‍රා යොදා ගනිමින් පරාවර්තන ශබ්දය උපයෝගී කර ගනිමින් මුහුදු පතුලේ ගැඹුර මැනීම සිදු කෙරේ.