Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර පරමාණුක බල ශක්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර පරමාණුක බල ශක්ති  ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණිනේ. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ඔහු මෙලෙස දිවයිනට පැමිණෙන ඇති බව සඳහන්.


ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය 1957 වසරේ පිහිටුවූ අතර ආරම්භක සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත්. තම සාමාජික රටවල සමාජ සහ ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා අවශ්‍ය න්‍යෂ්ටික තාක්ෂණය හා විද්‍යාව සැපයීම එහි ප්‍රධාන අරමුණයි. යුකියා අමානෝ සිය සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධ ආයතන වන ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථාන සහ නිර්විනාශක පරීක්ෂණ මධ්‍යස්ථානයේ සංචාරයකට ද එක්වීමට නියමිත බව සඳහන් වේ.