Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පල කරමින් 2016 වසරේදී මහජන පීඩාවන් ඇතිවන අයුරින් උද්ඝෝෂණයේ නිරත වීම ඇතුළු චෝදනා යටතේ අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් නඩු පවරා ඇත. අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තා වේ. ඒ පිළිබඳ නඩු විභාගය ජුනි මස 12 වනදා නැවත කැදවීමට නියමිතයි.