Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

තොරතුරු පනත යටතේ විශේෂ ඇමතුම් ඒකකයක්

තොරතුරු දැනගැනීමේ පනත යටතේ විශේෂ ඇමතුම් ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගැනේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මේ බව පැවසීය. එම ඒකකය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටුවීමට නියමිතය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනතාව ඉල්ලුම් කරන කරුණු සම්බන්ධයෙන් යම් විමසීමක් සිදු කිරීම හා ඒ හා සම්බන්ධ දැනුවත් භාවයක් ලබා ගැනීමේ අරමුණින් මෙම විශේෂ ඇමතුම් ඒකකය ස්ථාපිත කරනු ලබන බව සුදර්ශන ගුණවර්ධන මහතා කියා සිටියේය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2016 අගෝස්තු මස 04 වනදා සම්මත වූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මගින් සම්පාදිත ක්‍රියාවලිය භාවිත කර තොරතුරු සදහා ප්‍රවේශ වීමට ජනතාවට හැකියාව ඇත. එමගින් තොරතුරු දැන ගැනීම පුරවැසියන්ගේ මූලික අයිතියක් බවට පත්ව තිබේ.