Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මාර්තු මස 21 වනදා කවුන්සිලයට

2017 වසරේ පැවති තුන් වන සමාලෝචන චක්‍රයේ 28 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව සමලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාවට අමතරව ආර්ජන්ටිනාව, ගැබෝන්, ගානාව, පේරු රාජ්‍ය, ගෝතමාලාව, ස්විට්සර්ලන්තය, කොරියානු ජනරජය, පාකිස්ථානය, සැම්බියාව , ජපානය සහ යුක්රේනය යන රටවල් ද මෙම සමාලෝචනයට බදුන් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මාර්තු මස 21 වනදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරිමට නියමිතය. මෙම සැසිවාරයට එළඹෙන සදුදා දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ විශේෂ කාර්යය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් එක්වීමට නියමිතව තිබේ.